27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ආරක්ෂක ඇමති මෙරට සංචාරයක

ඉන්දීය ආරක්ෂක ඇමති මෙරට සංචාරයක

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ මධ්‍යම ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉදිරි සති අන්තයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඉන්දියා ආරක්‍ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී ඉන්දියාව හා එක්ව ආයෝජනය කරන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ඒකාබද්ධ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමටද නියමිත බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

පර්යේෂණ නෞකාවක සංචාරයට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය චීනයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් සිටින අවස්ථාවක අමාත්‍යවරයා සංචාරය සඳහා මෙරටට පැමිණීම විශේෂත්වයකි.