25.6 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන ගේන්න බැංකුවලින් ඩො.මි. 35ක් දෙන්නැයි ජනපතිගෙන් නියෝග

ඉන්ධන ගේන්න බැංකුවලින් ඩො.මි. 35ක් දෙන්නැයි ජනපතිගෙන් නියෝග

ඛනිජතෙල් සංස්ථාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා බැංකුවලින් ඩොලර් මිලියන 35ක් ලබා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවසර ලබා දී තිබේ.

ඒ අනුව මෙරට වරායේ නැංගුරම් ලා තිබෙන ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙක මෙරටට ගොඩබෑමට අවශ්‍ය මුදල් ගෙවීම සඳහා මෙම මුදල් යොදා ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

මේ අතර දින 02කට ප්‍රමාණවත් ඩීසල් සහ දින 10කට ප්‍රමාණවත් පෙට්‍රල් වර්තමානයේ රට තුළ පවතින බව මෙම සාකච්ඡාවේදී කතාබහට ලක්වී ඇථි අතර එහිදී ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්ද දීර්ඝව සාකච්ඡා කර ඇත.

ඛනිජතෙල් සංස්ථාවට ණය ලබාදීමේදී සීමාව ඉක්මවා ණය ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය බැංකු සඳහා ඊයේ නියෝගයක් ලබා දී ඇථි වාතාවරණයක මෙම තීරණැය ගෙන තිබේ.