29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකතරගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කතරගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කතරගම කඳසුරිඳුගම ප්‍රදේශයේ අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුලු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු ඉලක්ක කර අද සවස 4.00 පමණ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුහුණු වසාගෙන පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු කඩු සහ ගිනි අවි රැගෙන පැමිණ වෙඩි තැබීම සිදු කර ඇතැයි සඳහන්.

වෙඩි තැබීමට යොදා ගත් බව කියන T56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය ද කතරගම පොලිසිය සොයාගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නිවස ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයන් දෙදෙනා පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී සොයා ගත් ගිනි අවිය සහ උණ්ඩ ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ ඒවා බව බවට පොලිසිය සැක කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.