― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබාලවයස්කාර දැරිය ගැබිණියක් කළ මාමණ්ඩිය අත්අඩංගුවට

බාලවයස්කාර දැරිය ගැබිණියක් කළ මාමණ්ඩිය අත්අඩංගුවට

තම සහෝදරියගේ පාසල් වියේ පසුවන 16 හැවිරිදි පාසල් සිසුවිය ගැබිණියක් කළ මාමණ්ඩිය අද (30) අත්අඩංගුවට ගත් බව දිඹුලපතන පොලිසිය පවසයි.

දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොලක පාසල් සිසුවියගේ දෙමව්පියන් රැකියාවේ නිරතව සිටින බවත් මීට මාස තුනකට පමණ ප්‍රථම 24 හැවිරිදි සිය මාමණ්ඩිය විසින් නිවසේදි තමන්ව දූෂණය කළ බවත් එම පාසල් සිසුවිය දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මාස තුනක් තිස්සේ තම දියණියගේ උදරයේ අබාධයක් ඇති බවට පැවසීමෙන් පසු දෙමව්පියන් විසින් දියණියව වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු කිරීමෙන් පසු දියණය ගැබ්ගෙන ඇති බවට තහවුරු වී ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

වෛද්‍ය පරීක්ෂණයෙන් පසු පාසල් සිසුවියගේ මව විසින් දිඹුල පතන පොලිසිය වෙත (29) දින පැමිණිලි කිරිමෙන් පසු නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකාර මාමණ්ඩිය අත්අඩංගුවට ගත් බවත් එම සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ගැබ්ගෙන සිටින පාසල් සිසුවිය එම ප්‍රදේශයේ පාසලක 11 වසරේ අධ්‍යාපන ලබමින් සිටියි.