29.5 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිනෝපෙක් පළමු ඉන්ධනහල විවෘත කරයි

සිනෝපෙක් පළමු ඉන්ධනහල විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සදහා එක්වූ චීනයේ සිනොපෙක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම්හල ඊයේ කොට්ටාව මත්තේගොඩ හිදී ආරම්භ කළේය.

ඛනිජතෙල් සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවකු විසින් පවත්වාගෙන ගිය එම ඉන්ධන පිරවුම්හල අද සිට සිනොපෙක් සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා දෙනු ලැබීය.

ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් 150ක් මෙලෙස සිනොපෙක් සමාගම සිය සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා ගෙන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා එක්වීමට නියමිතය. එසේම අලුතින් ඉන්ධන පිරවුම් හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව සදහන් කරයි.

ඒ අනුව ඔවුන් මෙරට ඉන්ධන පිරවුම් හල් 200ක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.