― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිශේෂ කටයුතු සඳහා වාහන 6900ක් ආනයනයට

විශේෂ කටයුතු සඳහා වාහන 6900ක් ආනයනයට

වාහන ආනයන තහනමෙන් පසු විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6900 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

2020 වර්ෂයේදී වාහන ආනයන සීමා පැනවීමෙන් පසු විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6900 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ආ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ සවස යටියන්තොට මලල්පොල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම වාහන වලින් 3000 ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට රැගෙන ආ ත්‍රිරෝද රථ හා ජීප් රථ බවයි. එසේම ගිලන් රථ, පොදු ව්‍යාපෘති වලට අවශ්‍ය රථ, තානාපති කාර්යාල වලට අවශ්‍ය රථ ආදි පොදු අවශ්‍යතාවයන්ට හැරුණූකොට වෙනත් කිසිදු වාහනයක් ගෙන්වීමට අවසර ලබා නොදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.