― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක්

පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක්

පාසල් කාලසීමාව උදෑසන 8 සිට පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් වෙත ඉදිරිපත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) ගාල්ල – ජාකොටුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් සිසුන් ක්‍රීඩාව සඳහා උනන්දු කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.