27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනෙක්ට ප්‍රහාරයක්

වැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනෙක්ට ප්‍රහාරයක්

ඈෂ් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනෙකුට පහරදී තියුණු ආයුධයකින් කපා එක් නිළධාරීයෙකු ඊයේ (31) පස්වරුවේ රෝහල් ගතකර ඇති බව මතුගම පොලිසිය පවසයි.

කොළඹ, මාළඹේ ප්‍රදේශයට අනුයුක්තව රාජකාරි කරන නිළධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්ව ඇති බවත්, කැපුම් තුවාල සිදුවූ එක් නිළධාරීයෙක් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බවත් පොලිසිය පැවසීය.

ඈෂ් මත්ද්‍රව්‍ය වැටලීමකට පැමිණ නිළධාරීන්ව මතුගම, සිරිකදුල ප්‍රදේශයකට කැටුව ගොස් ඇති සැකකරුවන් නිළධාරීන් සන්තකයේ තිබූ මුදල්ද උද්‍රරා ගැනීමට යාමේදී දෙපිරිස අතර ගැටුම සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.

සැකකරුවන් හදුනාගෙන ඇති බවත් ඔවුන් සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කළේය.