26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතල්මස් ඇම්බර් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

තල්මස් ඇම්බර් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

තල්මසුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියෙන් නිපදවෙන ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ‘ඇම්බර්’ (Ambergris) ළඟ තබාගත් සැකකරුවන් තිදෙනෙක් ගම්පහ නැදගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී ඇම්බර් කිලෝ 2 ග්‍රෑම් 646ට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28, 29, සහ 48 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකි.

ඉහළ වටිනාකමින් යුත් ඇම්බර් තොගයක් විකිණීමට ඇති බවට ලද තොරතුරකට අනුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් උපාය දූතයකුගේ සහායෙන් වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් අද (01) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.