25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශ ණයෙන් ඩොලර් මිලියන 100ක් ගෙවයි

බංග්ලාදේශ ණයෙන් ඩොලර් මිලියන 100ක් ගෙවයි

ශ්‍රී ලංකාව මීට වසර දෙකකට පෙර මුදල් හුවමාරු ගිවිසුමක් මගින් බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 න් තවත් ඩොලර් මිලියන 100 ක් ආපසු ගෙවා ඇත.

ශ්‍රී ලංකාව ඊයේ (31) මෙම මුදල ආපසු ගෙවා ඇති බව බංග්ලාදේශ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නවතම වාරිකය සමඟින් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 150 ක මුදලක් ආපසු ගෙවා ඇති බව බංග්ලාදේශය පවසයි.

ශ්‍රී ලංකාව පළමු වාරිකය ඩොලර් මිලියන 50 ආපසු ගෙවා තිබුණේ අගෝස්තු 17 වැනිදාය. 2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මුදල් හුවමාරු ගිවිසුම් අත්සන් කිරීම ද විශේෂත්වයකි.