29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ඇමති හෙළි කරයි

ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ඇමති හෙළි කරයි

පසුගිය මාස 3ක කාලය තුළ ඉන්ධන මිල ගණනයට යොදා ගන්නා “ප්ලැට්ස්” අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ දැමූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඔහු කියා සිටියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සැප්තැම්බර් මාසය සඳහා ඉන්ධන සඳහා වන උපරිම සිල්ලර මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නියම කර ඇති බවයි.

පසුගිය මැයි සහ ජූනි මාසවල බැරලයකට ඇමෙරිකානු ඩොලර් 80-85 දක්වා පැවති සාමාන්‍ය ප්ලැට්ස් අගය ජූලි මාසය වන විට බැරලයකට ඇමෙරිකානු ඩොලර් 85 සාමාන්‍ය දක්වා වැඩි වී ඇති අතර අගෝස්තු මාසය තුල එය බැරලයක සාමාන්‍ය ඇමෙරිකානු ඩොලර් 100-110 දක්වා වැඩි වී තිබෙනවා.

සුපිරි ඩීසල් විශාල වැඩි වීමක් සිදු වී නැත්තේ එම සුපිරි ඩීසල් නෞකාව පසුගිය ජූලි මාසය තුල ලබාගෙන තිබීම හේතුවෙන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

රජය පසුගිය කාලයේ යොදා ගත් ඉන්ධන මිල සූත්‍රය පමණක් භාවිතා කරමින් ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර එය ඉදිරියටද ඒ අනුව සිදු වන බව ඔහු සඳහන් කළා.