― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉන්ධන QR පද්ධතියට කරන්න යන අලුත් වැඩක් බලශක්ති ඇමති හෙළිකරයි

ඉන්ධන QR පද්ධතියට කරන්න යන අලුත් වැඩක් බලශක්ති ඇමති හෙළිකරයි

ජාතික ඉන්ධන අවසරපත් QR පද්ධතිය සහ වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමග වැඩිදියුණු කර, දත්ත එක්කිරීම වෙනුවෙන් සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිතා කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

QR ක්‍රමවේදය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී හඳුන්වා දීමේ අරමුණ වුයේ ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙමගින් පැවති සමාජීය සහ ආර්ථික ගැටළු කළමනාකරණය කර ඇතිව තිබු අර්බුදයන් අවසන් කිරීමටත් ජන ජීවිතය ස්ථාවර කර ගැනීමට හැකි වූ බව ඔහු සිහිපත් කරනවා. එමෙන්ම මෙමගින් අවශ්‍ය කඩිනම් තීරණ සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමට අවශ්‍ය සැබැ දත්ත ලබා ගැනීමට ද හැකි වූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඊයේ දිනය වන විට මෙම QR ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65 ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීමට මෙන්ම මෙම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගණුදෙණු ලක්ෂ 3500ක් ඉක්මවා සිදු කර තිබෙනවා.

සැප්තැම්බර් පළමු වනදා සිට ඉන්ධන ලබා ගැනීමට QR කේතය තව දුරටත් අවශ්‍ය නොවන්නේ පසුගිය කාලය තුල රජය විසින් ගත් ප්‍රතිපත්ති තීරණ, හඳුන්වාදුන් ඉන්ධන මිල සුත්‍රය, ඉන්ධන වෙළඳ පොළට නව බෙදුම්කරුවන්ගේ එකතුවීම යන කරුණු මගින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මුල්‍ය අවශ්‍යතාවයන් කළමණාකරණය වී ඇති බැවින් බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම පද්ධතිය සහ වැඩපිළිවෙළ ඉදිරියේදී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමග වැඩිදියුණු කර, දත්ත එක්කිරීම වෙනුවෙන් සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිතා කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.