― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නාවලපිටිය මහකුඹුර ප්‍රදේශයේදී පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අලුතින් ඉදි කිරීමට නියමිත බැම්මක අත්තිවාරම් කපමින් සිටි පුද්ගලයෙකුගේ සිරුර මතට පස් කන්දක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පස් කන්ද ඉවත් කර ඊට යටවී සිටි පුද්ගලයා නාවලපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ නාවලපිටිය වෙරලුගස්හින්න ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.

මෘත ශරීරය නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.