31.1 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමඩකලපුවේ රෝහල්වල නේවාසික රෝගීන්ට කෑම නෑ

මඩකලපුවේ රෝහල්වල නේවාසික රෝගීන්ට කෑම නෑ

මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා ආහාර ලබාදීම අත්හිටුවා තිබේ.

ආහාර සැපයුම්කරුවන් සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් එම තීරණය ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඩකලපුව දිස්ත්‍රික් නිලධාරියෙකු සඳහන් කළේ.

එම සැපයුම්කරුවන් සඳහා මාස කිහිපයකට අදාළ මුදල් ගෙවීමට පවතින බවත් එලෙස ටෙන්ඩර් ලබාදුන් සැපයුම්කරුවන් සඳහා මුදල් ගෙවීමට නොහැකි වීම මත ආහාර සැපයීම නතර කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.