― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරටවල් තුනක යතුරුපැදිකරුවන් සහභාගීවන ප්‍රදර්ශනාත්මක සවාරියක් ලංකාවේදී

රටවල් තුනක යතුරුපැදිකරුවන් සහභාගීවන ප්‍රදර්ශනාත්මක සවාරියක් ලංකාවේදී

ශ්‍රී ලංකාව ඉන්දියාව නේපාලය යන රටවල් අතර සාමාජීය සංස්කෘතික හා සංචාරක කෙෂ්ත්‍රයන්හි ප්‍රගමණය සහ ප්‍රවර්ධනය අරමුණු කොටගත් ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සංචාරයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සැලසුම් කොට තිබේ.

ඒ අනුව එළැබෙන ජනවාරි 15 දා සිට යාපනය අනුරාධපුරය මාතලේ මහනුවර ඇතුළු දිවයිනේ නගර රැසක් හරහා මෙම යතුරුපැදි සවාරිය ක්‍රියාත්මක කෙරේ.

යතුරුපැදි සවාරිය නේපාලයේ ලුම්බිණි නුවර සිට ඉන්දියානු දේශසීමාවට ඇතුළු වී බුද්ධගයාව නාලන්දාව කුසිනාරා නුවර ශ්‍රාවස්ති සාරානාත් සංකප්ප ප්‍රදේශ පසුකොට දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් හරහා ලංකාවේ කන්කසන්තුරෙන් මෙරටට ඇතුළු වේ.ඉන් අනතුරුව දිවයිනේ නගර රැසක් ඔස්සේ සංචාරය කිරීමට නියමිතය.