― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldපුටින් හා කිම් ජොන් උන් අතර හමුවක්

පුටින් හා කිම් ජොන් උන් අතර හමුවක්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් මේ මාසයේ රුසියාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

මෙම හමුවේ දී යුක්‍රේන යුද්ධයට සහාය වීම සඳහා උතුරු කොරියාව, මොස්කව් වෙත ආයුධ සැපයීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීමට නියමිත බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ.

රාජ්‍ය නායකයින් දෙදෙනාගේ මෙම හමුව රුසියාවේ කිනම් ස්ථානයක සිදුවනවා ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, කිම් ජොන් උන් සහ පුටින් අතර හමුව රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ව්ලැඩිවොස්ටොක් නගරයේ දී සිදුවිය හැකි බව ද පවසනවා.

මෙම සුවිශේෂී හමුව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බොහෝ දුරට සන්නද්ධ දුම්රියකින් රුසියාව බලා ගමන් කිරීමට ඉඩකඩ ඇති බවයි එක්සත් ජනපදය පවසන්නේ.

කිම් ජොන් උන් සහ ව්ලැඩිමීර් පුටින් අතර අවසන් වරට හමුවක් සිදුවූයේ 2019 වර්ෂයේ දීයි.