22.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොළොන්නරුවෙන් ලාදුරු රෝගීන් 22ක්

පොළොන්නරුවෙන් ලාදුරු රෝගීන් 22ක්

මේ වසරේ ගත වූ කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 22ක් ලාදුරු රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මීට පාසල් සිසුන් පස්දෙනෙකුද ඇතුළත්ය.

ඒ අනුව, තමන්කඩුව ප්‍රදේශයෙන් රෝගීන් 5ක් ද, මැදිරිගිරිය ප්‍රදේශයෙන් 3ක් ද, ලංකාපුර ප්‍රදේශයෙන් 3ක් ද, වැලිකන්ද ප්‍රදේශයෙන් 4ක් ද, හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් 2ක් ද, අරලගංවිල ප්‍රදේශයෙන් 5ක් ද, සිරිපුර ප්‍රදේශයෙන් 3ක් ද වශයෙන් රෝගීන් හඳුනාගෙන ඇති අතර, ඇලහැර ප්‍රදේශයෙන් මේ වන තුරු කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ.

මෙලෙස හඳුනාගත් රෝගීන් අතුරින් බෝවන වර්ගයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් 19ක් සහ බෝ නොවන වර්ගයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් 6ක් වශයෙන් වෙන් කොට හඳුනාගෙන ඇත.

සමෙහි ලා පැහැති ලප, එම ස්ථානවල දැනීම අඩු බව වැනි ලක්ෂණ ඇත්නම් තමන්ටම රෝගය හඳුනා ගැනීමට හැකි අයුරින් සෞඛ්‍ය අංශ මේ වන විට රෝගීන්ට පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

මෙම රෝගයට අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බවත් මේ වන විටත් ඊට ඖෂධ හඳුනාගෙන ඇති අතර කාලයක් ප්‍රතිකාර කිරීමෙන් රෝගයෙන් මිදීමට හැකි බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.