මහා පරිමාණ වංචා සිදුකර නීතිවිරෝධි ලෙස වත්කම් උපයමින් විදේශ රටවල මුදල් තැන්පත් කළ පුද්ගලයන්ගෙන් එම මුදල් නැවත අයකර ගැනීම කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ එලෙස මුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය කටයුතු කරන බවත් නව දූෂණ විරෝධී පනත මෙම මස 15 වැනිදා සිට බලාත්මක වන බැවින් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට අල්ලස් කොමිසමට හැකියාව ලැබෙන බවත්ය.
මෙරට විවිධ තරාතිරම්වල පුද්ගලයන් විසින් සොරකම් කරන ලද වත්කම් නැවත ලබාගැනීම සඳහා ලෝක බැංකුව, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.