― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවසර 30කට පසු ඛනිජ වැලි ඍජු අපනයනයට

වසර 30කට පසු ඛනිජ වැලි ඍජු අපනයනයට

වසර 30 කට අධික කාලයක් යුධ ගැටුම් හේතුවෙන් වෙනත් මැදිහත් පාර්ශ්වයක් හරහා අපනයනය කරමින් සිටි ඛනිජ වැලි , පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම විසින් පසුගියදා( සැප්තැම්බර් 3 ) ඍජු අපනයනය ආරම්භ කර තිබෙනවා.

ත්‍රිකුණාමලය වරායෙන් සර්කෝන් ටොන් 30,000 ක් පළමු ඍජු අපනයනය ලෙසින් නැව්ගත කෙරුණු අතර එම අවස්ථාව නිරීක්ෂණයට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ එක්ව සිටියා.

මෙලෙස ඛනිජ වැලි ඍජු අපනයනයෙන් ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම හරහා විශාල ආදායමක් මෙරට ආර්ථිකයට එකතුවන අතර නැව්ගත කිරීමේ මෙහෙයුම් කටයුතු හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් විශාල මූල්‍යමය ප්‍රතිලාභයන් හිමිවනවා.

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති වෛද්‍ය උදේනි දසනායක මහතා සඳහන් කළේ මෙම ඍජු අපනයන කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් නෞකා 2 ක් යොදා ගනිමින් ඉල්මනයිට්ටොන් 60,000 ක් චීනයට අපනයනය සිදුකරන බවයි.