23.9 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයළිත් විදුලි බිල වැඩිකිරීමේ සූදානමක්

යළිත් විදුලි බිල වැඩිකිරීමේ සූදානමක්

මෙම වසරේදී සිව්වන වරටත් විදුලි බිල වැඩිකිරීමට රජය කටයුතු කරමින් සිටින බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය පවසනවා.

එම සංගමය වැඩිදුරටත් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මෙලෙස යළි විදුලි බිල වැඩිකිරීමට සූදානමින් සිටින බවයි.

මෙම යෝජනාවට අවසර ලබා නොදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සඳහා විදුලි ගාස්තුව 56%කින් වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

විදුලි ගාස්තුව ඉහළ දැමුවහොත් මෙම වසරේ දී 200%කින් විදුලි බිල වැඩිවන බවයි ඔහු පැවසුවේ.