― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇඹිලිපිටිය රෝහලේ එකම නිර්වින්දන වෛද්‍යවරියත් සේවයට නොඑයි

ඇඹිලිපිටිය රෝහලේ එකම නිර්වින්දන වෛද්‍යවරියත් සේවයට නොඑයි

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා (01) සිට සේවයට වාර්තා නොකිරීම නිසා රෝහලේ ශල්‍යාගාරවල සහ දැඩි සත්කාර ඒකකයේ වැඩ අඩාළ වී ඇති බව රෝහල් බලධාරීහු පවසති.

මෙම වෛද්‍යවරියගේ පියා බව පවසමින් නාඳුනන පුද්ගලයකු විසින් ඊයේ (05) රෝහල් බලධාරීන්ට වට්ස්ඇප් මගින් ලිපියක් එවමින් ඇය නැවත සේවයට නොඑන බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණීම නිසා ප්‍රධාන ශල්‍යාගාර දෙකක සහ දැඩි සත්කාර ඒකකයක කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ.

ඇඹිලිපිටිය දිසා මහ රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍යව ඇති නමුත් රෝහලටම සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය මෙසේ සේවයට වර්තා නොකිරීම නිසා රෝහල් කටයුතු පවත්වාගෙන යෑම දැඩි අසීරු කරුණක් වී ඇත.

නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණීමට හේතුවද, ඇය විදෙස්ගත වී ඇද්ද යන්නද මෙතෙක් අනාවරණය වී නොමැත.