27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනතුරින් වෙන් වූ අත බණ්ඩාරවෙල රෝහලට යද්දී රෝගියා දියතලාව රෝහලට

අනතුරින් වෙන් වූ අත බණ්ඩාරවෙල රෝහලට යද්දී රෝගියා දියතලාව රෝහලට

බණ්ඩාරවල ඔත්තෙකඩේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් පස් කණ්ඩියක වැදීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී තිබුණේ. අනතුරින් රියදුරාගේ එක් අතක් වෙන්වී ඇති අතර පාදයකට බරපතල තුවාල සිදුවී තිබෙනවා.

රිය සහායකයා ද අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුරත් සමග ලොරියේ සිරවූ රියදුරා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පැය භාගයක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.

රියදුරා දියතලාව රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ අත කොටස ත්‍රි රෝද රථයකින් රැගෙන ගොස් තිබුණේ බණ්ඩාරවෙල දිසා රෝහලටයි.

පසුව නැවත එම අත් කොටස එම ත්‍රී රෝද රථයෙන්ම දියතලාව රෝහලට රැගෙන ගොස් තිබෙනවා. රියදුරා සැත්කමක් සඳහා බදුල්ල රෝහලට යොමු කිරීමට නියමිතව තිබුණා.