― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත් රියදුරන් අල්ලන්න විශේෂ පරීක්ෂණ කට්ටල තොගයක් පොලිසියට

මත් රියදුරන් අල්ලන්න විශේෂ පරීක්ෂණ කට්ටල තොගයක් පොලිසියට

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂණ උපකරණ කට්ටලයක් භාවිතයෙන් නියමු ව්‍යාපෘතියක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර තිබෙනවා.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් ඒ සඳහා වූ විශේෂිත පරීක්ෂණ කට්ටල 5000ක් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ප්‍රතිපාදන යටතේයි මෙරටට ගෙන්වා ඇත්තේ.

මත්පැන් භාවිතා කර රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණ තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා.

අයිස්, හෙරොයින්, ගංජා, මත් පෙති, ඇතුළු මත්ද්‍රව්‍ය වර්ග 06ක්‍ හඳුනා ගැනීමේ හැකියාව මෙම පරීක්ෂණ කට්ටල සතුයි.

පරීක්ෂණ කට්ටල අතරින් 3000ක් යොදා ගනිමින් බස්නාහිර පළාත තුල ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය මගින් මැයි 10 වනදා සිට ජුලි 20 වනදා දක්වා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

එමගින් හඳුනා ගන්නා ලද රියදුරන් රැසකට රියදුරු බලපත්‍ර අත්හිටූවීම්, දඩ නියම කිරීම සහ සිර දඬුවම් ලබාදීම සිදුකර තිබෙනවා.

නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මෙරටට ගෙන්වන ලද ඉතිරි පරීක්ෂණ කට්ටල 1975ක්‍ ශ්‍රී ලංකා පොලිසිය වෙත නිල වශයෙන් භාර දීම ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙරට මාර්ග සහ පොදු ප්‍රවාහනය භාවිතා කරන මගී ජනතාවගේ ජීවිත සහ දේපල ආරක්ෂාව පිළිබඳව විශාල වගකීමක් ශ්‍රී ලංකාව පොලීසිය ඇතුළු වගකිවයුතු ආයතන වෙත පැවරෙනවා.

මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම තුළින් පොදු ප්‍රවාහනය භාවිතා කරන මගීන් විශාල පිරිසකගේ සහ සමාන්‍ය ජනතාවගේ ජීවිත විශාල අවදානමකට ලක්වනවා. විශේෂයෙන්ම වර්තමානය වන විට සාම්ප්‍රදායික නොවන මත්ද්‍රව්‍ය පවා භාවිතා කිරීමට ඇතැම් රියැදුරන් පෙළඹීම ඉතාමත් අනතුරුදායක තත්ත්වයක්. ඒ තුළින් අනෙකුත් සෑම අනතුරකටම වඩා බරපතල ඛේදවාචක ඇතිවීමේ හැකියාවක් සහ අවදානමක් පවතිනවා.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ විශේෂිත පරීක්ෂණ කට්ටල භාවිතයට යොදා ගැනීම පිළිබඳව ඒ වෙනුවෙන් කැප වූ සියලු අංශවලට මගේ ස්තුතිය පිරිනමනවා. පවතින ආර්ථික දුෂ්කරතා මත ඉදිරියේ දී අමාත්‍යාංශය වෙත මෙවැනි කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ අපහසුතාවයක් පවතිනවා. එබැවින් රථවාහන දඩ මුදල්වලින් ශ්‍රී ලංකා පොලීසියට වෙන්වන මුදලින් කොටසක් මෙවැනි උපකරණ ලබා ගැනීම සඳහා වෙන් කරනු ඇති බව මා බලාපොරොත්තු වනවා.”