― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකාදිනල් හිමියන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

කාදිනල් හිමියන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පුළුල් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සහ රජයෙන් ඉල්ලීමක් කරනවා.

බ්‍රිතාන්‍ය රූපවාහිනී ජාලයක් වන චැනල් 4 විසින් ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක් නිකුත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ.

කොළඹ අගරදගුරු මැදුරේ දී අද (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ කියාසිටියේ අදාළ වීඩියෝවේ අන්තර්ගත කරුණු තමන් පිළිගන්නේ එවැනි විමර්ශනයකින් පසුව පමණක් බවයි.

දේශපාලන බලපෑම් මත මූලික විමර්ශනවලින් ඉවත් කරන ලද සියලුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීමෙන් මෙම කණ්ඩායමට සහාය විය යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.

මේ වනවිටත් ඉදිරිපත් කර ඇති විවිධ කොමිෂන් සභා වාර්තාවල දක්වා ඇති සොයාගැනීම් සහ තවමත් ක්‍රියාත්මක කර නොමැති නිර්දේශ මත මෙම පරීක්ෂණය ගොඩනැගිය යුතු බව අගරදගුරු හිමියන් අවධාරණය කරනවා.

මෙම විමර්ශනවල ස්වාධීනත්වය සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා විමර්ශනයට ලක්විය හැකි පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන්ම දැනට ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ ද වැඩ විමර්ශන අවසන් වන තෙක් තහනම් කරන ලෙස කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා.