― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපියා තම දියණිය සමඟ දුම්රියට බිලි වෙයි

පියා තම දියණිය සමඟ දුම්රියට බිලි වෙයි

කන්තලේ පොලිස්‌ වසමේ රජඇල ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනයවු දුම්රියට පුද්ගලයෙකු තම දියණිය සමග පැන සියදිවි හානි කර ගෙන ඇති බවට කන්තලේ පොලිසියට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 ක්‌ වු පේරාරු, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගිය දියණිය වයස අවුරුදු 06 ක්.
මෘත ශරීර කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත.

මරණකරුගේ බිරිඳ විදේශ රටක රැකියාවට ගොස්‌ ඇති අතර බිරිඳ අනියම්‌ සම්බන්ධතාවයක්‌ පවත්වන බවට දැන ගැනීමෙන්‌ පසු ඇතිවූ සිත්‌ තැවුලක්‌ හේතුවෙන්‌ මෙලෙස දියණිය සමග සිය දිවි හානි කරගෙන ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.