― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලිස් වෙස් ගෙන කාන්තාවන් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට

පොලිස් වෙස් ගෙන කාන්තාවන් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ බවට ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර කතුන් මුලා කර ලිංගික අතවර කොට රන්මාල සහ මුදල් කොල්ලකෑ පුද්ගලයකු මොරොන්ත්ඩුව පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල වීරඹුගෙදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් ඔහු හිටපු හමුදා සැරයන් වරයෙකු බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇති බවත් පොලිසිය පවසයි.

හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් විසින් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු විසින් ඉකුත් 01 වනදා අන්තර්ජාල ඔස්සේ රුපියල් 30,000ක මුදලකට පැමිණිළිකාර කාන්තාව මොරොන්තුඩුව ප්‍රදේශයේ ලැඟුම්හලක් වෙත ගෙන්වාගෙන ලිංගිකව හැසිරී ජංගම දුරකථනයෙන් ද පටිගත කර තිබේ.

පසුව තමා පානදුර පොලිසියේ ස්ථානාධිපතිවරයා බව පවසා පටිගත කළ වීඩියෝ දර්ශන පෙන්වා ගෙල බැඳි පෙන්ඩනය සහිත රන්මාලය කොල්ල කෑ බවට පැමිණිල්ලේ සදහන් බවද පොලිසිය කීය.

විමර්ශන කටයුතු සඳහා අදාළ හෝටලයට යන අවස්ථාවේ සැකකරු තවත් කාන්තාවක සමග එම ලැගුම්හලේම රැඳී සිට ඇති අතර සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.