― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsආසියානු කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල අඩු කෙරේ

ආසියානු කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර මිල අඩු කෙරේ

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අදියර සඳහා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ Lower Blocks ‘C’ සහ ‘D සඳහා ප්‍රවේශපත්‍ර මිල රුපියල් 1000 දක්වා අඩු කර තිබෙනවා.

ලබන 9, 12, 14 සහ 15 යන දිනවල පැවැත්වෙන තරග සඳහා මෙම ප්‍රවේශ පත්‍ර මිල අඩු කිරීම අදාළ වනවා.

කෙසේ වෙතත්, ලබන 10 වනදා පාකිස්තානය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය සහ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා අදාළ කොටස් වෙනුවෙන් වන ප්‍රවේශපත්‍ර මිල පෙර නියම කළ මිලටම පවතිනු ඇති.

ප්‍රවේශපත්‍ර https://pcb.bookme.pk හරහා සහ කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත SLC කවුන්ටරය හරහාද මිලදී ගත හැකියි.