― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 103ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 58ක්.

මෙම පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන් කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරයකින් නීත්‍යනුකූල ලෙස සම්මත කළ හැකි බවයි කතානායකවරයා ඊයේ නිවේදනය කළේ.