― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැල්ලවායේ මනුෂ්‍ය ඝාතනයක්

වැල්ලවායේ මනුෂ්‍ය ඝාතනයක්

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්පංගුව ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අදාළ පුද්ගලයා රැඳී සිටි නිවසේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ නිලංක චාමර නොහොත් ‘හිංචා’ නැමැති 33 හැවිරිදි අයෙක්.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවයි වාර්තා වුණේ.

මළ සිරුර සම්බන්ධයෙන්වන ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.