― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක්

ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක්

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව තරග පැවැත්වෙන දින වන සැප්තැම්බර් මස 09,10,12,14,15 සහ 17 යන දිනයන්හිදී ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිතව ඇතැම් මාර්ගවල රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර ඇත.

එනම්, තරග පැවැත්වෙන දිනවල දහවල් 12 සිට මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.