― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසංචාරක ප්‍රවර්ධනයට බැසිල්ගෙන් ඩොලර් මිලියන 56ක්

සංචාරක ප්‍රවර්ධනයට බැසිල්ගෙන් ඩොලර් මිලියන 56ක්

ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් ආරම්භ කෙරෙන ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන සදහා මේ වසරේ දෙවන කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 56ක් ලබාදීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එකඟත්වය පල කර තිබේ.

සංචාරක කර්මාන්තය පිළිබදව පසුගියදා (21) මුදල් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පැවසීය.

මෙරට ප්‍රධාන සංචාරක වෙළඳපොලළ ඉලක්ක කර ගනිමින් ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් වසර 5ක් තුළ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූයේ පසුගිය වසරේයි. මේ වසරේ දෙවන කාර්තුවේ සිට එය ක්‍රියාත්මක කිරීමට ඒ අනුව සැලසුම් කෙරින. මේ වනවිට ඊට අදාල මූලික කටයුතු සිදුකර තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන සදහා ප්‍රචාරක වැඩසටහන් කලමනාකරණ ඒකකයක්, නිර්මාණාත්මක නියෝජිතායතනයක් හා ඩිජිටල් නියෝජිතායතනයක් පත් කිරීම සදහා කටයුතු කරමින් පවතියි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන සදහා එක්සත් රාජධානිය, ජර්මනිය, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, රුසියාව, මැදපෙරදිග, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කොරියාව, ස්පාඤ්ඤය, ස්කැන්ඩිවේනියාව ඇතුළු රටවල් 16ක් මෙම ප්‍රවර්ධන වැඩසටහනට ඇතුලත් වේ. මේ වසරේ මුල් කාර්තුව අවසන් වීමට පෙර මහජන සබඳතා සමාගම් පත් කිරීමට අපේක්ෂිතයි.