31 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුකුළු මස් මිල තවත් අඩුවෙයි ?

කුකුළු මස් මිල තවත් අඩුවෙයි ?

කුකුළු මස් මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ අනුව දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය.

මේ අතර දැනට කුකුළු මස් හිඟයක් නොමැති බවත් සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයන් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේ ය.