වවුනියාවේ පුලියන්කුලම ප්රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඊයේ (09) කැබ් රථයකට යට වීම නිසා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති පුවතක් වාකථා වෙනවා.
වවුනියාව පුලියන්කුලම පොලිසියේ සේවය කළ මෙම නිලධාරියා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය දෙස සිට අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන්නේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහනුවර ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි කරුණාතිලක නැමති පොලිස් නිලධාරියෙකු වන අතර වවුනියාව ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමකර්ණ සිදුකරන බව සඳහන්