― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිමි තේ කොළවලට නව බද්දක් පැනවීමේ සූදානමක්

නිමි තේ කොළවලට නව බද්දක් පැනවීමේ සූදානමක්

උඩරට සහ පහතරට තේ කර්මාන්තශාලාවල දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ කිලෝවක් සඳහා දැනට අයකරන බදුවලට අමතරව තවත් විශාල බදු මුදලක් අය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව තේ නිෂ්පාදකයන් කියා සිටිනවා.

උඩරට සහ පහතරට තේ වතු සමාගම් වලින් සහ කුඩා තේ වතු හිමියන්ගෙන් දැනට බදු මුදල් වශයෙන් අය කරනු ලබන්නේ වාර්ෂික ශුද්ධ ලාභයෙන් 30% මුදලක් බවත්, නව බද්ද දිනපතා නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ කිලෝවක් සඳහා අය කිරීමට යොජනා වි ඇති බවයි තේ වතු සමාගම්වල උසස් නිලධාරින් කියා සිටින්නේ.

විදුලි බිල ඉහළ යාම, සේවක වැටුප් ඉහළ යාම, තේ නිෂ්පාදනය සඳහා දරණ පිරිවැය ඉහළ යාම හමුවේ තේ කර්මාන්තය වර්තාමනයේ පවත්වාගෙන යනු ලබන්නේ දැඩි අභියෝග හමුවේ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව නිමි තේ කොළ කිලෝවක් සඳහා නව බද්ධක් අය කිරීමට රජය කටයුතු කළහොත් උඩරට සහ පහතරට තේ වගාකරුවන්, නිෂ්පාදකයන් සහ කුඩා තේ වතු හිමියන්ට එම කර්මාන්තයෙන් ඉවත් වීමට පවා සිදුවන බව ද තේ වතු සමාගම්වල උසස් නිලධාරීන් වැඩිදුටත් පවසනවා.

මේ සම්බන්ධයෙන් අප මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එවැනි බද්දක් අය කිරීම සඳහා ආණ්ඩුව විසින් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.