එංගලන්තය විසින් ඇමරිකානු XL Bully සුනඛයින් තහනම් කිරීමට හදිසි උපදෙස් කැඳවීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එංගලන්ත ස්වදේශ කටයුතු ලේකම්වරිය වන Suella Braverman විසින් මෙම හදිසි උපදෙස් කැඳවීම සිදු කර ඇති අතර ඇය පවසන්නේ මෙම සුනඛ විශේෂය මාරාන්තික සහ අනතුරුදායක බවයි.
XL Bully සුනඛයෙක් වයස අවුරුදු 11ක් වන ගැහැණු ළමයෙකුට සහ තවත් පුද්ගලයෙකු පහරදීමෙන් අනතුරුවයි එංගලන්තය මෙම තීරණය ගෙන ඇත්තේ.