― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක්

වැටුප් වැඩිකිරීම් හා ප්‍රමාද කර ඇති උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපක් මුල් ගනිමින් අද (11) මධ්‍යම රාත්‍රියේ වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා දුම්රිය (ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්වරුන්ගේ) රියදුරු සංගමය පවසනවා.

පසුගිය 09 දා දුම්රිය ලොකොමෝටිව් රියදුරන්ගේ සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අද දින රාත්‍රීයේ මෙම වැඩ වර්ජනය සිදුකරන බවයි ඉංජිනේරු සංගමය පවසන්නේ.

දුම්රිය රියදුරු සංගමය පවසන්නේ අද රාත්‍රී ධාවනය වීමට නියමිත තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුවිය හැකි බවයි.