27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතම නැගණියට කැත වැඩක් කළ සොයුරා අත්අඩංගුවට

තම නැගණියට කැත වැඩක් කළ සොයුරා අත්අඩංගුවට

09 හැවිරිදි වියේ පසුවන තම නැඟණිය අපයෝජනයට ලක් කළ 15 හැවිරිදි සොහොයුරෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

බේරුවල පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මග්ගොන, මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු බවයි.

09 හැවිරිදි දැරිය වෙනත් අසනීපයක් සඳහා නාගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටියදී ඇය මේ බව වෛද්‍යවරුන්ට පවසා තිබේ.

දැරියගේ ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වූ නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් මේ බව පොලීසිය දැනුවත් කර ඇත.

ඒ අනුවයි මෙම සිසුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ.