27.8 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොරටුව වෙරළේ පිරිමි මළ සිරුරක්

මොරටුව වෙරළේ පිරිමි මළ සිරුරක්

මොරටුව, එගොඩඋයන, විජයපුර ප්‍රදේශයේ වෙරළට අද (12) උදෑසන පුද්ගල මළසිරුරක් ගොඩගසා තිබේ.

අද උදෑසන 11ට පමණ මෙම මළසිරුර හමුවී ඇති අතර පොලීසිය සැක පළ කරන්නේ මෙම මළ සිරුර මහරගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු බවටයි.

මීට දින කිහිපයකට පෙර මෝටර් රථයකින් මෙම ප්‍රදේශයට පැමිණ ඇති අදාළ පුද්ගලයා මෝටර් රථය එහි නවතා මුහුදට පැන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අසළ තිබූ CCTV කැමරාවක එම දර්ශන සටහන් වී ඇති අතර ඔහු මෙලෙස සියදිවි නසාගැනීමට හේතුව සොයා වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.