― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයාපනයේ හෝටල් කාමරයකින් දැරියකගේ මළ සිරුරක්

යාපනයේ හෝටල් කාමරයකින් දැරියකගේ මළ සිරුරක්

යාපනයේ කෝපායි පොලිස් වසමේ හෝටල් කාමරයක් තුළ සැක සහිත ලෙස මියගොස් සිටි 12 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුව තිබේ.

පොලීසිය සඳහන් කළේ එම කාමරය තුළ අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව වැටී සිටි කාන්තාවක්ද ඊයේ (12) දහවල් සොයාගත් බවයි.

කෝපායි පොලිසිය මගින් මෙම කාන්තාව ඒ අවස්ථාවේම රෝහල්ගත කර ඇති අතර පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය දැරිය සහ කාන්තාව එකම පවුලේ අය බවයි.

මේ දෙදෙනා ත්‍රිකුණාමළය ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ ඇති අතර කාන්තාව හෝටලයේ කළමනාකරුට පවසා ඇත්තේ දැරිය රෝගයකින් පෙළෙන බවත් ඇයට ත්‍රිකුණාමළයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි නිසා යාපනයේ වෛද්‍යවරයෙකු හමු වීමට පැමිණි බවත්ය.

මේ දෙදෙනා කාමරය කුළියට ගත් පසුව එක් අවස්ථාවකදී පමණක් කාමරයෙන් ඉවතට ගොස් යළි ආපසු පැමිණ ඇති අතර කාමරයෙන් දැඩි දුගධක් හමන නිසා සේවකයින් කාමරයේ දොරට තට්ටු කළද මොවුන් ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

මේ සම්බන්ධයෙන් සැක සිතුණු හෝටල් සේවකයින් ජනේලයකින් කාමරයට එබී බලා ඇති අතර එහිදී දැක ඇතිතේ දැරිය ඇඳේ වැතිර සිටින බවයි.

ඉන්පසු හෝටල් කළමනාකරු මේ බව පොලීසියට දන්වා ඇති අතර
කෝපායී පොලීසිය සඳහන් කළේ මිත්තනිය බව කියන කාන්තාවගේ ආශ්වාස ප්‍රාශ්වාස තත්ත්වයක් පෙන්නුම් කළ නිසා පොලීසිය පැමිණීමෙන් පසුව ඇයව රෝහල්ගත කර තිබේ.

මිත්තනිය විසින් ලියූ බවට සැකකරන ලිපියක්ද කාමරයෙන් හමු වී ඇති අතර එම ලිපියද සැකසහිත බවයි පොලිසිය පැවසුවේ.