― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවෙළෙඳ කුටියේ පීත්ත පටිය කැපීමට ලක්ෂ 10ක්

වෙළෙඳ කුටියේ පීත්ත පටිය කැපීමට ලක්ෂ 10ක්

සෞදි අරාබියේ පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ කුටියක් විවෘත කිරීමේ අවස්ථාවට රිබන්, කතුරු, ඉටිපන්දම් හා බන්දේසියක් මිලදී ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය වී තිබේ.

නවතම විගණන වාර්තාවකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එම වාර්තාවේ දැක්වෙන පරිදි මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2022 වසරේ මැයි 09 සිට 12 වැනිදා දක්වා පවත්වා ඇති අතර එහි වියදම් සඳහා 2021 වසරේ දෙසැම්බර්වලදී රුපියල් කෝටි නවයක් අනුමත කර ඇතත් 2022 වසරේ මාර්තු 29 වැනිදා ඒ වෙනුවෙන් රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වෙන්කර ඇත.

මෙම මුදල මුලින් වෙන්කර ඇත්තේ වර්ග මීටර 250ක ඉඩ ප්‍රමාණයක් වෙනුවෙන් වුවද පසුව ආර්ථික අපහසුතා නිසා යැයි පවසමින් එය වර්ග මීටර 150 දක්වා අඩුකර තිබේ.

එසේ ඉඩ අඩු කළද එයින් මූලික පිරිවැය අඩු වීම වෙනුවට තවත් රුපියල් 5,823,000ක් වැඩිපුර වැය වී ඇති බවයි එම විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.