― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාස්කු ප්‍රහාරය ගැන හරීන්ගේ විමර්ශන අවසන් කරන්න කියයි

පාස්කු ප්‍රහාරය ගැන හරීන්ගේ විමර්ශන අවසන් කරන්න කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැණුනු අමාත්‍ය හරින් ප්‍රනාන්දුට එරෙහි විමර්ශන කටයුතු අවසන් කරන ලෙස පොලිසිය වෙත උපදෙස් නිකුත් කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරින් ප්‍රනාන්දු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

එම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදීයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මෙම දැනුම් දීම සිදු කළේ. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විමර්ශන ගොනු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෙත්සම්කාර හරින් ප්‍රනාන්දුට අදාල විමර්ශන කටයුතු අවසන් කරන ලෙස නීතිපතිවරයා විසින් ඉකුත් ජුනි මස 20 වනදා උපදෙස් ලබා දුන් බවයි.

මෙම පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

නමුත් මෙම පෙත්සම ඉදිරියටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා එය ලබන 18 වනදා ජනක් ද සිල්වා සාමාජිකත්වය නොදරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට ද අධිකරණය තීරණය කර තිබෙනවා.