― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපනත් කෙටුම්පත් 02කට කථානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් 02කට කථානායකගේ සහතිකය

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (14) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීම සිදු වූයේ පසුගිය ජූලි මස 20 වනදායි.

බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත කිරීම පසුගිය ජූලි 21 වනදා සිදු කෙරුණා.

ඒ අනුව 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත සහ 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත වශයෙන් මෙම පනත් දෙක බලාත්මක වනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහ ලේකම් හංස අබේරත්න සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වාද එක්ව සිටියහ.