― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅනවසරෙන් හරක් කටා වෙනත් ස්ථානයකට රැගෙන යාම තහනම්

අනවසරෙන් හරක් කටා වෙනත් ස්ථානයකට රැගෙන යාම තහනම්

හරක් කටා අභියාචනාධිකරණය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම්දීමකින් තොරව වෙනත් ස්ථානයකට රැගෙන යාම හෝ ඉවත් කිරීම නොකරන ලෙස අභියාචනාධිකරණය අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළේය.

හරක් කටා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. පෙත්සම් විභාගය අවසන් වනතුරු මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බවයි අධිකරණය සඳහන් කළේ.

එළඹෙන සැප්තැම්බර් 25 වැනිදා පෙත්සම යළි කැදවීමට නියමිතයි.