ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් මෙරට දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය C මට්ටමේ සිට RD හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටම දක්වා පහත හෙළා තිබේ.
දේශීය බැඳුම්කර හුවමාරුවට අදාළ බැඳුම්කර වර්ගීකරණය D මට්ටමට පහත හෙළා ඇති අතර එලෙස හුවමාරුවට ලක්නොවූ බැඳුම්කර C මට්ටමේ වර්ගීකරණය කර ඇති බවයි එම ආයතනය පවසන්නේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන සතිය අවසන් වන විට අවසන් කළ හැකි බවයි.