― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsගණේමුල්ල සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ගණේමුල්ල සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ජීව කුමාර සමරතුංග නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ගනේමුල්ල සංජීව නැමැත්තාට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙලෙස රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

මේ අනුව සැකකරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවී තිබෙනවා.

මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් පැනගොස් විදේශ රටවල සිටි සැකකරු සිදුකර ඇති අපරාධ, මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග පවතින සම්බන්ධකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙම නියෝග ලබාගත් බව පොලිසිය සඳහන් කළා.