අනුරාධපුරයේ සිට කොලොන්නාව දක්වා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මහව පොලීසිය සදහන් කරයි.
15 වෙනිදා රාත්රී 11.15 ට පමණ මහව – මඩපොකුණ ප්රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
මිය ගොස් ඇත්තේ මහව – මඩපොකුණ පදිංචිව සිටි තාහීර් ෆාසීල්(අවු:26) නම් වූ අයෙකි.
මෙම මරණය සිය දිවි නසාගැනීමක්ද,එසෙත් නැත්නම් වෙනත් හේතුවක් මත සිදුවූ එකක් යන්න සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන බව මහව පොලීසිය කියයි.