31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෛත්‍රීපාල සිරිසේනගෙන් පාස්කු නඩුව සම්බන්ධව ඉල්ලීමක්

මෛත්‍රීපාල සිරිසේනගෙන් පාස්කු නඩුව සම්බන්ධව ඉල්ලීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ ප්‍රකාශිත නඩු තීන්දුවෙහි තමා සම්බන්ධයෙන් සඳහන් කරුණු නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා

බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාව මගින් මේ වන විට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නව තොරතුරු සහ පුද්ගලයන් අනාවරණය කර තිබීම සහ එම තොරතුරු විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබීම මත මේ ඉල්ලීම කර තිබෙනවා

අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් ගොනු කළ මෝසම් කිහිපයක් සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා මෙම ඉල්ලීම කළේය. බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවන ලදී.