27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවසන් මහා තරගයේ වීරයාගෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයින්ට තෑග්‍ගක්

අවසන් මහා තරගයේ වීරයාගෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයින්ට තෑග්‍ගක්

2023 ආසියනු කුසලාන අවසන් මහා තරගය අද (17) අවසන් වුණේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත ජයක් ගෙන එමින්.

මෙම අවසන් මහා තරගයේ වීරයා බවට පත්වීමට ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ්ට හැකියාව ලැබුණා.

එහිදී සිරාජ්ට ත්‍යාග මුදල ලෙස ඇමරිකානු ඩොලර් 5000ක ත්‍යාග මුදලක් හිමි වූ අතර, එලෙස හිමි වූ එම මුදල ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවක මණ්ඩලය වෙනුවෙන් ත්‍යාගයක් ලෙස පිරිනමන බව ඔහු කියා සිටියා.

මේ අතර මෙවර තරගාවලිය සාර්ථක කරගැනීමට විශාල කැප කිරීමක් කළ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයින්ට ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් ත්‍යාගයක් ලෙස පිරිනමන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා අද සඳහන් කළා