25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයේ සරසවි සිසුවියක් දිවි හැර යයි

යාපනයේ සරසවි සිසුවියක් දිවි හැර යයි

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඊයේ (17) සියදිවි නසාගෙන ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් සිය නිවසේ දී මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතරු වාර්තා වුණේ.

වසන්තකුමාර් ඩිලක්සියා නමැති 22 හැවිරිදි මෙම තරුණිය කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන සිටිය දී සහෝදරයා විසින් දැක තිබෙනවා.

අනතුරුව ඇය වහාම කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එම අවස්ථාව වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

තරුණිය මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.