― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsධනුෂ්කට එරෙහි නඩුව අද විභාගයට

ධනුෂ්කට එරෙහි නඩුව අද විභාගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියානු අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද (18) විභාගයට කැඳවනු ලැබුවා.

මෙම නඩු විභාගය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණයේ දී කැඳවා තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී, නැගෙනහිර සිඩ්නි ප්‍රදේශයේ කාන්තාවක් ගුණතිලකට නිවසට ආරාධනා කිරීමෙන් අනතුරුව ඇයගේ කැමැත්තකින් තොරව ලිංගික හිංසා කිරීම හා සොරකම් කිරීම් යන වරදවලින් එක් වරදක වැරදිකරු ලෙස ඔහු පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරයා මෙහිදී අධිකරණයට පවසා ඇත්තේ නීතිඥවරයකු නොමැතිව පැය 02 කට වැඩි කාලයක් තම සේවාදායකයා පොලිසිය සමඟ සම්මුඛව සාකච්ඡාවක් ලබාදුන් බවත් එහිදී ඔහු සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.

මේ අතර මෙම නඩු විභාගයේ දී පැමිණිලිකාර වින්දිත කාන්තාව අධිකරණය හමුවේ පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක ලිංගිකව එක්වීමේ දී තමාගේ හුස්ම හිර කළ බවත් ලිංගිකව එක්වීමේ දී වේගය අඩු කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම නිසා තමාට තම ජීවිතය ගැන බියක් දැනුණු බවයි.

ඊට අමතරව ගුණතිලකට එම එකතුවීමේ දී උපත් පාලන කොපුවක් භාවිතකරන ලෙස තමන් ඉල්ලීම් කළ බවත් එහිදී ඔහු එය අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කළ බවත් අදාළ කාන්තාව අධිකරණ හමුවේ පවසා තිබෙනවා.

එහිදී ගුණතිලක ‘කරදර වෙන්න එපා පැටියෝ, ඔයා ගැබ්ගන්නෙ නැහැ, ඔයාට මාව විශ්වාස නැද්ද?’ යනුවෙන් පැවසූ බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇති බව සඳහන්.

මෙම නඩු විභාගය තවත් දින තුනක් හෝ හතරක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර අද දිනයේ අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා ගුණතිලක සමඟ විදෙස් ජාතික තරුණියක් ද පැමිණ සිටි ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔවුන් දෙදෙනා එකිනෙකාගේ දෑත් අත් අල්ලාගෙන ගමන් කරන අයුරු මාධ්‍ය වේදියෙකුගේ කැමරා කාචයට හසුව තිබූ අතර එම ඡායාරූපය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම විදෙස් ජාතික තරුණියට ධනුෂ්ක ගුණතිලක සමඟ ඇති සම්බන්ධතාව පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.